• Increase font size
  • Default font size
  • Decrease font size

2022-03-07 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
අපරාධ කරුණු සඳහා අන්‍යෝන්‍ය නෛතික සහාය පිළිබඳ බිම්ස්ටෙක් සම්මුතිය
- අපරාධ කරුණු සඳහා අන්‍යෝන්‍ය නෛතික සහාය පිළිබඳ බිම්ස්ටෙක් සම්මුතියට අත්සන් තැබීම සඳහා මීට පෙර අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දී ඇත. ඒ අනුව, 2022 මාර්තු මස 30 දින පැවැත්වීමට නියමිතව ඇති බහුආංශික තාක්ෂණික සහ ආර්ථික සහයෝගිතාව සඳහා වූ බෙංගාල බොක්ක ආශ්‍රිත රටවල මුලපිරීම (බිම්ස්ටෙක්) සමුළුව අතරතුරදී අධිකරණ අමාත්‍යාංශය විසින් එක් එක් බිම්ස්ටෙක් සාමාජික රටවල් සමඟ එකී සම්මුතියට අත්සන් තැබීම පිණිස සිය අමාත්‍යාංශය විසින් අවශ්‍ය පියවර ගනු ලැබ ඇති බවට විදේශ කටයුතු අමාත්‍යතුමා ඉදිරිපත් කරන ලද කරුණු අමාත්‍ය මණ්ඩලය විසින් සැලකිල්ලට ගන්නා ලදී.