• Increase font size
  • Default font size
  • Decrease font size

2022-02-28 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ශ්‍රී ලංකාවේ රැඳී සිටින රුසියානු සහ යුක්‍රේන සංචාරකයින්ගේ වීසා කාලසීමාව දීර්ඝ කිරීම
- රුසියානු සංචාරකයින් 11,463 දෙනෙකු සහ යුක්‍රේන සංචාරකයින් 3,993 දෙනෙකු මේ වන විට දිවයින තුළ රැඳී සිටී. රුසියාව සහ යුක්‍රේනය අතර වර්ධනය වී ඇති දේශපාලන අර්බුදය හේතුවෙන් ඔවුන්ට නැවත සිය රට වෙත ආපසු යාමට අපහසු තත්ත්වයක් පැන නැඟී ඇත. එබැවින්, පවතින තත්ත්වය සැලකිල්ලට ගෙන, එකී සංචාරකයින්ගේ වීසා කාලසීමාව ගාස්තු අය කිරීමකින් තොරව මාස 02ක කාලයක් සඳහා දීර්ඝ කිරීම පිණිස සංචාරක අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.