• Increase font size
  • Default font size
  • Decrease font size

2022-02-28 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
2022 02 15 සිට 2022 10 14 දක්වා මාස අටක කාලයක් සඳහා පෙට්‍රල් (92 Unl) බැරල් මිලියන 1.8ක් ආනයනය කිරීම
- 2022 02 15 සිට 2022 10 14 දක්වා මාස අටක කාලයක් සඳහා පෙට්‍රල් (92 Unl) බැරල් මිලියන 1.8ක් ආනයනය කිරීමේ දිගුකාලීන කොන්ත්‍රාත්තුව ප්‍රදානය කිරීම සඳහා ලියාපදිංචි සැපයුම්කරුවන් සහ තාවකාලිකව ලියාපදිංචි කර ගන්නා ලද සැපයුම්කරුවන් වෙතින් ලංසු කැඳවා ඇත. අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි එකී දිගුකාලීන කොන්ත්‍රාත්තුව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ M/s. OQ Trading Limited වෙත ප්‍රදානය කිරීම පිණිස බලශක්ති අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.