• Increase font size
  • Default font size
  • Decrease font size

2022-02-28 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
යල කන්නයේ වී වගාව සඳහා මියුරේට් ඔෆ් පොටෑෂ් (පොටෑසියම් ක්ලෝරයිඩ්) පොහොර ආනයනය කිරීම
- මියුරේට් ඔෆ් පොටෑෂ් යනු සුලභව යොදන පොටෑසියම් පොහොරක් වන අතර ගොවීන් විසින් වී වගාව සඳහා බණ්ඩි පොහොර ලෙස භාවිත කරනු ලබයි. 2022 යල කන්නය තුළ ගොවීන් විසින් හෙක්ටයාර ලක්ෂ 6 ක පමණ භූමි ප්‍රමාණයක වී වගා කිරීමට අපේක්ෂිත අතර, ඒ සඳහා මියුරේට් ඔෆ් පොටෑෂ් පොහොර මෙට්‍රික් ටොන් 38,500 ක් අවශ්‍ය වනු ඇතැයි ගණනය කර ඇත. ඒ අනුව, ජාත්‍යන්තර තරගකාරී ලංසු ක්‍රමවේදය අනුමගමනය කරමින් එකී පොහොර ප්‍රමාණය ආනයනය කිරීමටත්, රජයේ පොහොර සහනාධාර වැඩසටහන යටතේ මෙම පොහොර ගොවීන් වෙත ලබා දීම සඳහාත් කෘෂිකර්ම අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.