• Increase font size
  • Default font size
  • Decrease font size

2022-02-28 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
2021/2022 මහ කන්නය තුළ හරිත කෘෂිකාර්මික යෙදවුම් භාවිත කිරීම වෙනුවෙන් ඇගයීම් දිරි දීමනාව ගෙවීමේ ක්‍රමවේදය
- 2021/2022 මහ කන්නයේ වී අස්වැන්න අඩු වීම හේතුවෙන් බලපෑමට ලක් වන ගොවීන්ගේ ආදායම් මට්ටම සුරක්ෂිත කිරීම සඳහා වී කිලෝග්‍රෑම් එකකට රුපියල් 25/- බැගින් වූ වන්දි මුදලක් ගෙවීම සඳහා සුදුසු ක්‍රමවේදයක්, මහා භාණ්ඩාගාරය විමසමින් සකස් කිරීමට මීට පෙර අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දී ඇත. ඒ අනුව, අදාළ නිර්ණායක පදනම් කර ගනිමින් ගණනය කරනු ලබන වන්දි මුදල, ඇගයීම් දිරි දීමනාවක් වශයෙන් උපරිම වගා වපසරිය අක්කර 05ක ප්‍රමාණයට ලබා දීමටත්, යැපුම් මට්ටමේ කුඩා පරිමාණ ගොවීන්ට මෙන්ම කුඩා හා මධ්‍ය පරිමාණ ගොවීන්ට ද අදාළ ඇගයීම් දිරි දීමනාව ලබා දීමටත් හැකි වන පරිදි ක්‍රමවේදයක් සකස් කර ඇත. එකී ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීමටත්, ඒ සඳහා අවශ්‍ය අරමුදල්, කාබනික පොහොර නිෂ්පාදන ප්‍රවර්ධන හා සැපයුම් නියාමන සහ වී හා ධාන්‍ය, කාබනික ආහාර, එළවළු, පළතුරු, මිරිස්, ළූණු හා අර්තාපල් වගා ප්‍රවර්ධනය, බීජ නිෂ්පාදන හා උසස් තාක්ෂණ කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යාංශය වෙතින් ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව වෙත ලබා දීමටත් කෘෂිකර්ම අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.