• Increase font size
  • Default font size
  • Decrease font size

2022-02-21 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ක්‍රීඩා අමාත්‍යවරයා විසින් සාදන ලද නියෝග පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම
- 2013 අංක 33 දරන, ක්‍රීඩාවල යෙදීමේදී උත්තේජක ද්‍රව්‍ය ගැනීමට එරෙහි සම්මුති පනතේ 34(1) වගන්තිය යටතේ ක්‍රීඩා අමාත්‍යවරයා විසින් සාදන ලද 2021 අංක 7 දරන තහනම් උත්තේජක (තහනම් ද්‍රව්‍ය ලැයිස්තුව) නියෝග 2022 ජනවාරි මස 18 දින අති විශෙෂ ගැසට් පත්‍රයේ පළ කරනු ලැබ ඇත. එකී නියෝග අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරිම පිණිස තරුණ හා ක්‍රීඩා අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.