• Increase font size
  • Default font size
  • Decrease font size

2022-02-21 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
අධිකරණ පද්ධතිය සඳහා අධිකරණ ස්වයංක්‍රීයකරණ පද්ධතියක් හඳුන්වා දීම
- ශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතිය සඳහා අධිකරණ ස්වයංක්‍රීයකරණ පද්ධතියක් සැලසුම් කිරීම, සැපයීම, ක්‍රියාත්මක කිරීම සහ නඩත්තු කිරීම සඳහා වන ව්‍යාපෘතියක් ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය සමඟ එක්ව ක්‍රියාත්මක කිරීම පිණිස 2020 පෙබරවාරි මස 05 දින අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දී ඇත. යෝජිත ව්‍යාපෘතිය සඳහා ලංසු 07ක් ඉදිරිපත් වී තිබේ. අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි ඩය‍ලොග් බ්‍රෝඩ්බෑන්ඩ් නෙට්වර්ක් පෞද්ගලික සමාගම, ෆෝමිස් නෙට්වර්ක් සර්විසස් සමාගම සහ ඇක්සස් ඉන්ටනැෂනල් පෞද්ගලික සමාගම යන හවුල් ව්‍යාපාරය වෙත එකී ප්‍රසම්පාදනය පිරිනැමීම පිණිස අධිකරණ අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.