• Increase font size
  • Default font size
  • Decrease font size

2022-02-21 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
දේශීයව නිෂ්පාදනය කරනු ලබන ‍ඖෂධ, ශල්‍ය වෛද්‍ය උපකරණ සහ වෛද්‍ය රසායනාගාර පාරිභෝජ්‍ය ද්‍රව්‍ය මිල දී ගැනීම
- ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව මෙරට නිෂ්පාදනය කළ හැකි සියලුම ඖෂධ, ශල්‍ය වෛද්‍ය උපකරණ සහ වෛද්‍ය රසායනාගාර පාරිභෝජ්‍ය ද්‍රව්‍ය නිෂ්පාදනය ප්‍රවර්ධනය කිරීම රජයේ ප්‍රතිපත්තිය වේ. ඒ අනුව, එකී ද්‍රව්‍ය මිල දී ගැනීම සඳහා පාරදෘශ්‍ය හා කාර්යක්ෂම ක්‍රමවේදයක් හඳුන්වා දීම සඳහාත්, එකී ක්‍රමවේදය අනුව ඉදිරියේදී දේශීයව නිෂ්පාදනය කරනු ලබන එම ද්‍රව්‍ය මිල දී ගැනීම සඳහාත් සෞඛ්‍ය අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.