• Increase font size
  • Default font size
  • Decrease font size

2022-02-21 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
වෙළෙඳපොළ ඉලක්ක කර ගත් කිරි නිෂ්පාදන ව්‍යාපෘතිය
- කිරි නිෂ්පාදකයින්ගේ ඵලදායකත්වය සහ ඔවුන්ගේ නිෂ්පාදනයන්හි ගුණාත්මකභාවය ඉහළ නැංවීම සඳහා ඉහළම තත්ත්වයේ ක්‍රමවේදයන් යොදා ගැනීමේ අරමුණින් වෙළෙඳපොළ ඉලක්ක කර ගත් කිරි නිෂ්පාදන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම සඳහා එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් මූල්‍යාධාර සැපයීමට එකඟතාව පළ කර තිබේ. මෙම ව්‍යාපෘතිය සඳහා 2024 සැප්තැම්බර් මාසය දක්වා අවශ්‍ය අරමුදල් සැපයීමට ද එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුව එකඟතාව පළ කර ඇත. යෝජිත ව්‍යාපෘතිය මඟින් රජයේ සහ පෞද්ගලික අංශයේ කිරි නිෂ්පාදන අංශයෙහි ප්‍රධාන පාර්ශ්වකරුවන් 38ක් සමඟ එක්ව ඔවුන්ගේ ධාරිතා වර්ධනය කිරීමේ වැඩසටහන් අඛණ්ඩව සිදු කිරීමට සැලසුම් කර තිබේ. ඒ අනුව, යෝජිත ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සහ මෙරට කෘෂිකර්ම අමාත්‍යාංශය අතර අවබෝධතා ගිවිසුමකට එළඹීම පිණිස කෘෂිකර්ම අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.