• Increase font size
  • Default font size
  • Decrease font size

2022-02-21 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ලංකා පිඟන් කර්මාන්ත සංයුක්ත මණ්ඩලය සතු වෑඋඩ කර්මාන්ත ශාලාව පෞද්ගලික ආයෝජකයෙකු මඟින් ක්‍රියාත්මක කිරීම
- ලංකා පිඟන් කර්මාන්ත සංයුක්ත මණ්ඩලය සතු කුරුණෑගල දිස්ත්‍රික්කයේ මාවතගම පිහිටි වෑඋඩ උළු කර්මාන්ත ශාලාවේ නිෂ්පාදන කටයුතු, අමුද්‍රව්‍ය සපයා ගැනීමේ ගැටලුව හේතුවෙන් 2010 වර්ෂයේදී අත්හිටුවා ඇත. ඉන් පසුව අනුරාධපුර සඳහිරු සෑය සඳහා අවශ්‍ය ගඩොල් නිෂ්පාදනය කිරීමට නාවික හමුදාව විසින් මෙම කම්හල භාවිත කර ඇති අතර, 2017න් පසු එම කටයුතු ද අත්හිටුවා ඇත. එබැවින්, අක්කර 09 රූඩ් 01 පර්චස් 31ක වපසරියකින් යුතු වෑඋඩ කර්මාන්ත ශාලාව මැටි ආශ්‍රිත කර්මාන්තයක් ආරම්භ කර පවත්වා ගෙන යාම සඳහා උනන්දුවක් දක්වන ආයෝජකයින් වෙතින් යෝජනා කැඳවා ඉහළ ශක්‍යතාවක් තහවුරු කරනු ලබන ආයෝජකයෙකු‍ වෙත බදු පදනම මත ලබා දීම පිණිස කර්මාන්ත අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.