• Increase font size
  • Default font size
  • Decrease font size

2022-02-21 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
බණ්ඩාරනායක ජාත්‍යන්තර රාජ්‍යතාන්ත්‍රික පුහුණු ආයතනය සහ ඉන්දි‍යාවේ විදේශ සේවය පිළිබඳ සුෂ්මා ස්වරාජ් ආයතනය අතර අවබෝධතා ගිවිසුම
- බණ්ඩාරනායක ජාත්‍යන්තර රාජ්‍යතාන්ත්‍රික පුහුණු ආයතනය සහ ඉන්දි‍යාවේ විදේශ සේවය පිළිබඳ සුෂ්මා ස්වරාජ් ආයතනය අතර සහයෝගිතාව සහ පුහුණු හුවමාරුව වැඩිදියුණු කිරීමේ අරමුණින් අවබෝධතා ගිවිසුමකට එළඹීමට යෝජනා වී තිබේ. යෝජිත කෙටුම්පත් ගිවිසුම සඳහා නීතිපතිගේ නිෂ්කාශනය ලැබී ඇත. ඒ අනුව, අදාළ අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීම පිණිස විදේශ අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.