• Increase font size
  • Default font size
  • Decrease font size

2022-02-21 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
සීෂෙල්ස් ජනරජයේ කැඩෙට් නිලධාරින්හට ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යත්ව ලබා දීම
- ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය විසින් විදේශීය සිසුන් සඳහා සිය සේවාවන් පුළුල් කර ඇති අතර, මේ වන විට රටවල් ගණනාවක ත්‍රිවිධ හමුදා කැඩෙට් නිලධාරින් සඳහා ශිෂ්‍යත්ව පිරිනමා ඇත. එම ශිෂ්‍යත්ව වැඩසටහනට ඇතුළත් වීම සඳහා අපේක්ෂා කරන බව සීෂෙල්ස් ජනරජයේ මහ කොමසාරිස්වරයා විසින් විදේශ අමාත්‍යාංශය වෙත දැනුම් දී තිබේ. ඒ අනුව, සීෂෙල්ස් ජනරජයේ ත්‍රිවිධ හමුදාවන්හි කැඩෙට් නිලධාරින් දෙදෙ‍ෙනකු කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යත්ව වැඩසටහනට ඇතුළත් කර ගැනීම පිණිස ආරක්ෂක අමාත්‍ය වශයෙන් අතිගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.