• Increase font size
  • Default font size
  • Decrease font size

2022-02-14 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
සේවක අර්ථසාධක අරමුදල සහ සේවා නියුක්තයන්ගේ භාර අරමුදල අධිභාරයකට යටත් කිරීම සම්බන්ධයෙන් වන සාවද්‍ය ප්‍රචාරයන්
- 2021 වර්ෂයට අදාළව රුපියල් මිලියන 2000කට වැඩි ශුද්ධ ලාභයක් සහිත තැනැත්තන් සහ සමාගම් 25%ක අධිභාරයකට යටත් කිරීම සම්බන්ධයෙන් තමා විසින් 2022 වර්ෂය සඳහා වන අයවැය මඟින් ඉදිරිපත් කරන ලද යෝජනාව යටතට සේවක අර්ථසාධක අරමුදල සහ සේවා නියුක්තයන්ගේ භාර අරමුදල අයත් නොවන බව මුදල් ඇමතිතුමා විසින් අමාත්‍ය මණ්ඩලය දැනුම්වත් කරන ලදී. ඒ අනුව, ඇතැම් පාර්ශ්වයන් විසින් ඒ පිළිබඳව ගෙන යනු ලබන විරෝධතාවන්ට පදනමක් නොමැති බවත් මුදල් ඇමතිතුමා විසින් වැඩිදුරටත් අමාත්‍ය මණ්ඩලය වෙත දැනුම් දෙන ලදී.