• Increase font size
  • Default font size
  • Decrease font size

2022-02-14 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහ අපනයනාභිමුඛ කර්මාන්ත සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය හා කාර්මික භාණ්ඩ ආනයනය කිරීම
- ගරු මුදල් ඇමතිතුමා විසින් ඉදිරිපත් කරන ලද "ආර්ථිකය 2022 සහ ඉදිරි මග" යනුවෙන් වූ අමාත්‍ය මණ්ඩල සංදේශය 2022 ජනවාරි මස 03 දින පැවති රැස්වීමේදී සාකච්ඡාවට ගත් අවස්ථාවේදී අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහ අපනයනාභිමුඛ කර්මාන්ත සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය හා කාර්මික භාණ්ඩ ආනයනය කිරීම සඳහා විකල්ප ක්‍රමවේද හඳුනාගැනීමේ අවශ්‍යතාව අමාත්‍ය මණ්ඩලය විසින් සැලකිල්ලට ගන්නා ලදී. ඒ අනුව, එවැනි භාණ්ඩ මෙරටට ආනයනය කරනු ලබන රටවල් සමඟ සාකච්ඡා කිරීම පිණිස පහත සඳහන් අමාත්‍ය මණ්ඩල අනුකමිටු පත් කිරීම පිණිස අතිගරු ජනාධිපතිතුමා විසින් ගනු ලැබ ඇති පියවර සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩලයේ එකඟතාව ලබා දීමට තීරණය කරන ලදී:

(i) මහජන චීන සමූහාණ්ඩුවේ රජය සමඟ සාකච්ඡා කිරීම සඳහා:

* ගරු විදේශ අමාත්‍යතුමා - සභාපති
* ගරු වෙළෙඳ අමාත්‍යතුමා
* ගරු කර්මාන්ත අමාත්‍යතුමා
* ගරු වැවිලි අමාත්‍යතුමා

(ii) ජපාන රජය සමඟ සාකච්ඡා කිරීම සඳහා:

* ගරු විදේශ අමාත්‍යතුමා - සභාපති
* ගරු සෞඛ්‍ය අමාත්‍යතුමා
* ගරු ජනමාධ්‍ය අමාත්‍යතුමා
* ගරු මහාමාර්ග අමාත්‍යතුමා

(iii) මැදපෙරදිග රාජ්‍යයන් සමඟ සාකච්ඡා කිරීම සඳහා:

* ගරු විදේශ අමාත්‍යතුමා - සභාපති
* ගරු තරුණ හා ක්‍රීඩා සහ සංවර්ධන සම්බන්ධීකරණ හා අධීක්ෂණ අමාත්‍යතුමා
* ගරු අධිකරණ අමාත්‍යතුමා