• Increase font size
  • Default font size
  • Decrease font size

2022-02-14 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ වෙළෙඳපොළට නිකුත් කිරීම විධිමත් කිරීම
- අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ හිඟයකින් තොරව වෙළෙඳපොළට සැපයෙන බව තහවුරු කර ගැනීම සඳහා අවශ්‍ය ප්‍රතිපත්තිමය නිර්දේශයන් හා විසඳුම් ඉදිරිපත් කිරීම පිණිස පහත සඳහන් සාමාජිකයින්ගෙන් සමන්විත කමිටුවක් පත් කිරීම සඳහා අතිගරු ජනාධිපතිතුමා විසින් ගනු ලැබ ඇති පියවර සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩලයේ එකඟතාව ලබා දීමට තීරණය කරන ලදී:

* ගරු මුදල් අමාත්‍යතුමා - සභාපති
* ගරු වෙළෙඳ අමාත්‍යතුමා
* ගරු කෘෂිකර්ම අමාත්‍යතුමා
* ගරු වරාය හා නාවික අමාත්‍යතුමා
* ගරු සමුපකාර සේවා, අලෙවි සංවර්ධන හා පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍යතුමා

* ගරු විසිතුරු මසුන්, මිරිදිය මත්ස්‍ය හා ඉස්සන් ඇති කිරීම, ධීවර වරාය සංවර්ධන, බහුදින ධීවර කටයුතු හා මත්ස්‍ය අපනයන රාජ්‍ය අමාත්‍යතුමා

* ගරු පශු සම්පත්, ගොවිපොළ ප්‍රවර්ධන සහ කිරි හා බිත්තර ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍යතුමා