• Increase font size
  • Default font size
  • Decrease font size

2022-02-14 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ගැටගැසීමේ වර්ගයේ ශල්‍ය මුහුණු ආවරණ සපයා ගැනීම සඳහා වන ප්‍රසම්පාදනය
- ගැටගැසීමේ වර්ගයේ ශල්‍ය මුහුණු ආවරණ මිලියන 89ක් සපයා ගැනීම සඳහා ජාත්‍යන්තර තරගකාරී ලංසු කැඳවා ඇත. අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි මූලික වශයෙන් සාරානුකූලව ප්‍රතිචාර දක්වන ලද අවම ලංසුකරු වන සිසිලි ප්‍රොජෙක්ට්ස් කොන්සෝටියම් සමාගම වෙත අදාළ ප්‍රසම්පාදනය ප්‍රදානය කිරීමටත්, ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි මූලික වශයෙන් මුහුණු ආවරණ මිලියන 30ක් සපයා ගැනීමටත් සෞඛ්‍ය අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.