• Increase font size
  • Default font size
  • Decrease font size

2022-02-14 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
විවිධ සේවා සමුපකාර සමිතිවල පාරිභෝගික වෙළෙඳසැල් සඳහා විකුණුම් ඒකක පද්ධතියක් (POS) ප්‍රසම්පාදනය කිරීම
- විවිධ සේවා සමුපකාර සමිතිවල පාරිභෝගික වෙළෙඳසැල් සඳහා විකුණුම් ඒකක පද්ධතියක් (POS) ප්‍රසම්පාදනය කිරීම පිණිස ජාතික තරගකාරී ලංසු කැඳවීමේ ක්‍රමවේදය අනුගමනය කරමින් ලංසු කැඳවා ඇත. ඒ සඳහා ලංසු 05ක් ලැබී ‍තිබේ. අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි එකී ප්‍රසම්පාදනය, ඊ විස් සොලුයුෂන්ස් ප්‍රයිවට් ලිමිටඩ් වෙත ප්‍රදානය කිරීම පිණිස වෙළෙඳ අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.