• Increase font size
  • Default font size
  • Decrease font size

2022-02-14 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
වසර 2050 දී ශ්‍රී ලංකාව කාබන් ශුද්ධ ශූන්‍ය (Carbon Net Zero) රටක් බවට පත් කිරීම සඳහා මාර්ග සිතියමක් (Road Map) හා උපායමාර්ගික සැලසුමක් සකස් කිරීම
- රටක් කාබන් ශුද්ධ ශූන්‍ය (Carbon Net Zero) තත්ත්වයට ළඟා වීම සඳහා ප්‍රධාන වශයෙන් වායුගෝලයට මුදාහරින හරිතාගාර වායු ප්‍රමාණය අඩු කළයුතු අතර වායුගෝලයෙන් කාබන්ඩයොක්සයිඩ් වායුව අවශෝෂණය කර ගන්නා පරිසර පද්ධතින් වැඩි කළ යුතුය. වසර 2050 වන විට ශ්‍රී ලංකාව කාබන් ශුද්ධ ශූන්‍ය තත්ත්වය සහිත රටක් බවට පත් කිරීමේ ඉලක්කය සාක්ෂාත් කර ගැනීම සඳහා මාර්ග සිතියමක් (Road Map) හා උපායමාර්ගික සැලසුමක් සකස් කිරීමේ අවශ්‍යතාව හඳුනාගෙන ඇත. ඒ අනුව, වසර 05කට වරක් ප්‍රගතිය සමාලෝචනය කොට සංශෝධනය කරනු ලබන මාර්ග සිතියමක් සහ පස් අවුරුදු උපායමාර්ගික සැලසුමක් සකස් කිරීමටත්, ඒ සඳහා විශේෂඥතාව සහිත විද්වතුන්ගෙන් සමන්විත කමිටුවක් පත් කිරීමටත් පරිසර අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.