• Increase font size
  • Default font size
  • Decrease font size

2022-02-14 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
පරිසර අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා දේශගුණික අරමුදල (පුද්ගලික) සමාගමේ කටයුතු ශක්තිමත් කිරීම
- වසර 2050 වන විට ශ්‍රී ලංකාව කාබන් උදාසීන රටක් බවට පත් කිරීමට රජය විසින් ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන ඇති බව එක්සත් ජාතීන්ගේ දේශගුණ විපර්යාස පිළිබඳ රාමුගත සම්මුතිය වෙත ඉදිරිපත් කරන ලද ජාතිකව නිර්ණය කරන ලද දායකත්ව මඟින් වාර්තා කර ඇත. කාබන් විමෝචනය අවම කිරීමේ කාර්යයන්ට දායක වීම පිණිස පරිසර අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා දේශගුණික අරමුදල (පුද්ගලික) සමාගම ස්ථාපිත කරනු ලැබ තිබේ. ශ්‍රී ලංකාව කාබන් උදාසීන රටක් බවට පත් කිරීමට අවශ්‍ය උපරිම දායකත්වය ලබා ගැනීමට හැකි වන පරිදි එම සමාගමේ කාර්යයන් හා වගකීම් වර්තමාන අවශ්‍යතාවන්ට ගැළපෙන අයුරින් ව්‍යුහාත්මකව ශක්තිමත් කිරීම සඳහා අවශ්‍ය පියවර ගැනීම පිණිස පරිසර අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.