• Increase font size
  • Default font size
  • Decrease font size

2022-02-14 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
වතු කම්කරු පවුල් සඳහා තිරිඟු පිටි සහනාධාරයක් ලබා දීම
- ගරු මුදල් ඇමතිතුමා විසින් "ජනතාවට මුහුණ පෑමට සිදුව ඇති ආර්ථික අපහසුතා අවම කිරීම සඳහා වූ යෝජනා ක්‍රියාත්මක කිරීම" යන මැයෙන් ඉදිරිපත් කරන ලද අමාත්‍ය මණ්ඩල සංදේශයේ සඳහන් යෝජනා සඳහා 2022 ජනවාරි මස 18 දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය ලබා දෙන ලදී. එම යෝජනා අතුරින් වතු කම්කරු පවුල් සඳහා තිරිඟු පිටි සහනාධාරයක් ලබා දීම සම්බන්ධයෙන් වූ යෝජනාව වෙළෙඳ ඇමතිතුමාගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුවක් මඟින් සලකා බලා නිර්දේශයන් ඉදිරිපත් කර ඇත. එකී නිර්දේශ පරිදි හඳුනාගෙන ඇති ප්‍රතිලාභී පවුල් 115,867ක් සඳහා මාසිකව තිරිඟු පිටි කිලෝ 15ක් සහන මිලක් යටතේ ලබා දීම පිණිස වෙළෙඳ අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.