• Increase font size
  • Default font size
  • Decrease font size

2022-02-14 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය සහ ඇමෙරිකා එක්සත් ජනපදයේ ටෙක්සාස් ඒ සහ එම් විශ්වවිද්‍යාලය (Texas A & M University, USA) අතර පර්යේෂණ සහයෝගිතාව
- ඔටිසම් රෝගයේ සායනික ලක්ෂණ සහ ජෛව රසායනික පැතිකඩ අතර සම්බන්ධතාවය පිළිබඳ අධ්‍යයනය කිරීමේ පර්යේෂණ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම සඳහා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය සහ ඇමෙරිකා එක්සත් ජනපදයේ ටෙක්සාස් ඒ සහ එම විශ්වවිද්‍යාලය (Texas A & M University, USA) අතර ද්‍රව්‍ය හුවමාරු ගිවිසුමකට එළඹීමට යෝජනා වී ඇත. ඔටිසම් රෝගයේ සායනික ලක්ෂණ සහ රුධිරය හා මුත්‍රාවල පරිවෘත්තීය සංඝටකවල සාන්ද්‍රණය අතර සම්බන්ධතාවය තහවුරු කර ගැනීම සහ එක් එක් පාර්ශ්වයන්ගේ නිශ්චිත අවශ්‍යතා හා අපේක්ෂාවන් අරමුණු කරගෙන පර්යේෂණ සහයෝගිතා ස්ථාපනය කර ගැනීම මෙම ගිවිසුමේ අරමුණු වේ. ඒ අනුව යෝජිත ගිවිසුමට අත්සන් තැබීම පිණිස අධ්‍යාපන අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.