• Increase font size
  • Default font size
  • Decrease font size

2022-02-07 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ගුරු විදුහල්පති සේවාවන්හි වැටුප් විෂමතාවන් ඉවත් කිරීම සම්බන්ධයෙන් වන අමාත්‍ය මණ්ඩල තීරණය පරිවේණාචාර්යවරුන්, රජයේ අනුමත පෞද්ගලික පාසල් ගුරුවරුන් සහ රජයේ අනුමත උපකෘත විශේෂ පාසල් ගුරුවරුන් සඳහා ද අදාළ කිරීම
- ගුරු විදුහල්පති සේවාවන්හි වැටුප් විෂමතාවන් ඉවත් කිරීම සම්බන්ධයෙන් වූ අමාත්‍ය මණ්ඩල තීරණය පරිදි නිකුත් කරන ලද රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ අංක 03/2016(IV)හි විධිවිධාන පරිවේණාචාර්යවරුන්, රජයේ අනුමත පෞද්ගලික පාසල් ගුරුවරුන් සහ රජයේ අනුමත උපකෘත විශේෂ පාසල් ගුරුවරුන් සඳහා ද අදාළ කර ගැනීම පිණිස අධ්‍යාපන අමාත්‍යතුමා ඉදි‍රිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.