• Increase font size
  • Default font size
  • Decrease font size

2022-01-31 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
"ගම සමඟ පිළිසඳරක් - අයවැයෙන් වැඩ ලක්ෂයක්" ග්‍රාමීය සංවර්ධන වැඩසටහන
- නිෂ්පාදන ආර්ථිකය ශක්තිමත් කිරීම අරමුණු කරගෙන 2022 අයවැය මඟින් ඉදිරිපත් කරන ලද යෝජනාවක් අනුව "ගම සමඟ පිළිසඳරක් - අයවැයෙන් වැඩ ලක්ෂයක්" ග්‍රාමීය සංවර්ධන වැඩසටහන දිවයින පුරා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 336 ම ආවරණය වන පරිදි ග්‍රාම නිලධාරි කොට්ඨාස 14,021ක ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත. මෙම වැඩසටහන යටතේ මහජන අවශ්‍යතාවන් මහජනතාව විසින්ම හඳුනාගැනීමට හැකි වන පරිදි ව්‍යාපෘති හඳුනා ගැනීමේ ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම විමධ්‍යගත කර තිබේ. ඒ අනුව සැලසුම් කර ඇති එම වැඩසටහන 2022 පෙබරවාරි මස 03 දින ආරම්භ කිරීමට අවශ්‍ය කටයුතු සූදානම් කර ඇති බව දන්වමින් මුදල් අමාත්‍යතුමා විසින් ඉදිරිපත් කරන ලද කරුණු අමාත්‍ය මණ්ඩලය විසින් සැලකිල්ලට ගන්නා ලදී.