• Increase font size
  • Default font size
  • Decrease font size

2022-01-31 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ඉන්දියානු තෙල් සමාගමෙන් ඩීසල් මෙට්‍රික් ටොන් 40,000ක නැව් තොගයක් මිල දී ගැනීම
- ඉන්දියානු තෙල් සමාගමෙන් ඩීසල් මෙට්‍රික් ටොන් 40,000ක් සහ පෙට්‍රල් මෙට්‍රික් ටොන් 40,000ක් සපයා ගැනීම සම්බන්ධයෙන් බලශක්ති අමාත්‍යාංශය විසින් එකී සමාගම සමඟ සාකච්ඡා පවත්වා ඇත. ඒ අනුව, ඩීසල් මෙට්‍රික් ටොන් 40,000ක නැව් තොගයක් සැපයීමට ඉන්දියානු තෙල් සමාගම එකඟතාව පළ කර තිබේ. ඒ අනුව, එකී තෙල් තොගය මිල දී ගැනීම සඳහා ඉදිරි කටයුතු කිරීම පිණිස බලශක්ති අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.