• Increase font size
  • Default font size
  • Decrease font size

2022-01-31 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
1979 අංක 15 දරන අපරාධ නඩු විධාන සංග්‍රහය පනත සඳහා සංශෝධන
- නඩුවක පැමිණිලිකරුට සහ සෑම චූදිතයෙකුටම නඩු වාර්තාවේ ගොනු කර තිබෙන නඩු තීන්දුවේ හෝ අවසාන නියෝගයේ සහතික පිටපතක් ගාස්තු රහිතව නිකුත් කිරීම සඳහා විධිවිධාන සැලසීමට හැකි වන පරිදි අපරාධ නඩු විධාන සංග්‍රහය පනතේ 442 සහ 443 වගන්ති සංශෝධනය කිරීම පිණිස 2021 මැයි මස 31 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දෙන ලදී. ඒ අනුව, නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කරන ලද පනත් කෙටුම්පත සඳහා නීතිපතිවරයාගේ නිෂ්කාශනය ලැබී ඇත. එකී පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත්, ඉන් අනතුරුව, පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් අධිකරණ අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.