• Increase font size
  • Default font size
  • Decrease font size

2022-01-31 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
මහවැලි ජල සුරක්ෂිතතා ආයෝජන වැඩසටහන යටතේ කොන්ත්‍රාත් ප්‍රදානය කිරීම
- මහවැලි ජල සුරක්ෂිතතා ආයෝජන වැඩසටහන වඩාත් කාර්යක්ෂමව හා කඩිනමින් ක්‍රියාත්මක කිරීමට හැකිවනු පිණිස කොන්ත්‍රාත් පැකේජයන් 21ක් ලෙස එකී වැඩසටහන සැලසුම් කර ඇත. එකී පැකේජයන් 21 අතුරින් දැනටමත් පැකේජ 06ක වැඩ නිම කර ඇති අතර, තවත් පැකේජයන් 06ක ඉදි කිරීම් කටයුතු සිදු කෙරෙමින් පවතී. ජාත්‍යන්තර තරගකාරී ක්‍රමවේදය අනුගමනය කරමින් තෝරාගනු ලැබ ඇති කොන්ත්‍රාත්කරුවන් වෙත ඉතිරි පැකේජ 09ට අදාළ කොන්ත්‍රාත්තු පිරිනැමීම පිණිස වාරිමාර්ග අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.