• Increase font size
  • Default font size
  • Decrease font size

2022-01-31 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
සමනළ වැව බලාගාරයේ විදුලි උත්පාදක ස්ථායුක (Generator Stators) දෙකක් අලුතෙන් සවි කිරීම
- සමනළ වැව බලාගාරය මෙගාවොට් 120ක ස්ථාපිත ධාරිතාවකින් සහ වාර්ෂිකව ගිගාවොට් පැය 276ක පමණ විදුලි ජනනයකින් යුතුව 1992 වසරේ සිට වාණිජ වශයෙන් ක්‍රියාත්මක වේ. ඉහළ විදුලි ඉල්ලුමක් පවතින පැයවලදී විදුලි ඉල්ලුම සපුරාලීමට සහ දකුණු පළාතේ පද්ධති වෝල්ටීයතාව පවත්වාගෙන යාමට මෙම බලාගාරය සැලකිය යුතු කාර්යභාරයක් ඉටු කරනු ලබයි. විදුලි ජනන යන්ත්‍ර දෙකකින් මෙම බලාගාරය ක්‍රියාත්මක වන අතර, ඒවායේ ආයු කාලය වසර 25 35 අතර වේ. එබැවින්, සමනළ වැව බලාගාරයේ ජනන යන්ත්‍ර දෙකෙහි ජීව කාලය අවසන් වෙමින් පවතින අතර, ඒවා කඩිනමින් අලුත්වැඩියා කළ යුතුව තිබේ. ඒ අනුව, මුල් උපකරණ නිෂ්පාදකයා වන එක්සත් රාජධානියේ GEC Large Machines Ltd. වෙතින් විදුලි උත්පාදක ස්ථායුක (Generator Stators) දෙකක් මිල දී ගැනීම සඳහා නියමිත ප්‍රසම්පාදන ක්‍රියාවලිය ක්‍රියාත්මක කිරීම පිණිස විදුලිබල අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.