• Increase font size
  • Default font size
  • Decrease font size

2022-01-31 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
නිවාස ඒකක 70කින් සමන්විත දෙල්කඳ සුඛෝපභෝගි මහල් නිවාස ව්‍යාපෘතිය
- ග්‍රාමීය නිවාස සහ ඉදිකිරීම් හා ගොඩනැඟිලි ද්‍රව්‍ය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය යටතේ පවතින ඕෂන් විව් ඩි‍ෙවලොප්මන්ට් සමාගමට අයත් පර්චස් 100කින් යුත් දෙල්කඳ පිහිටි ඉඩම් කොටසක සුඛෝපභෝගි නිවාස 70කින් සමන්විත මහල් නිවාස ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත. රජයට වැය බරක් නොවන පරිදි ආයෝජකයින් හා සම්බන්ධ වී පෙර විකුණුම් ක්‍රමවේදය යටතේ මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනු ඇත. ඒ අනුව, එකී ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම පිණිස නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය වශයෙන් ගරු අග්‍රාමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.