• Increase font size
  • Default font size
  • Decrease font size

2022-01-31 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
අධිකරණ අමාත්‍යාංශය විසින් සංවිධාන කරනු ලබන ජංගම සේවය හා සංහිඳියා වැඩසටහන
- උතුරු පළාතේ යාපනය හා කිළිනොච්චිය, නැ‍ඟෙනහිර පළාතේ මඩකලපුව, දකුණු පළාතේ මාතර සහ මධ්‍යම පළාතේ නුවරඑළිය යන දිස්ත්‍රික්ක කේන්ද්‍ර කර ගනිමින් ජංගම සේවා හා සංහිඳියා වැඩසටහන් 04ක් මෙම වර්ෂය තුළදී පැවැත්වීමට අධිකරණ අමාත්‍යාංශය විසින් සැලසුම් කර ඇත. ඉඩම්, නිල ලේඛන, නීති කටයුතු වැනි කටයුතුවලට අදාළව පවතින ගැටලු නිරාකරණය කර ගැනීම සඳහා අවශ්‍ය සහාය ලබා දීම, අධිකරණ අමාත්‍යාංශය හා ඒ යටතේ ක්‍රියාත්මක වන ආයතනවලින් ලබා දෙනු ලබන සේවාවන් පිළිබඳව මහජනතාව සහ ක්ෂේත්‍ර නිලධාරින් දැනුම්වත් කිරීම එම වැඩසටහන් පැවැත්වීම මඟින් අපේක්ෂා කෙරේ. එහි මුල් වැඩසටහන උතුරු පළාතේ යාපනය හා කිළිනොච්චිය දිස්ත්‍රික්කයන්හි 2022 ජනවාරි 26 දින සිට 2022 ජනවාරි මස 30 දින දක්වා පවත්වනු ලැබ ඇත. එම ජංගම වැඩසටහන පිළිබඳව අධිකරණ අමාත්‍යතුමා විසින් ඉදිරිපත් කරන ලද ඉහත සඳහන් කරුණු අමාත්‍ය මණ්ඩලය විසින් සැලකිල්ලට ගන්නා ලදී.