• Increase font size
  • Default font size
  • Decrease font size

2022-01-31 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
එම් වී එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ආශ්‍රිත සමුද්‍රීය උපද්‍රවය පිළිබඳ වත්මන් තත්ත්වය
- සමුද්‍රීය උපද්‍රවයකට ලක් වූ එම් වී එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ සුන්බුන් සහ විනාශ වූ කොටස් ඉවත් කිරීමේ කටයුතු මේ වන විට ආරම්භ කර ඇති අතර දින 120කින් එම කටයුතු නිම කිරීමට නියමිතව තිබේ. ඒ සම්බන්ධයෙන් අධිකරණ අමාත්‍යතුමා ඉදිරිපත් කරන ලද පහත සඳහන් වැඩිදුර කරුණු අමාත්‍ය මණඩලය විසින් සැලකිල්ලට ගන්නා ලදී:

* සුන්බුන් ඉවත් කිරීමේ ක්‍රියාවලිය හේතුවෙන් තවදුරටත් සමූද්‍රීය දූෂණයක් ඇති නොවන බවට සහතික කර ගැනීම පිණිස එම ක්‍රියාවලිය අධීක්ෂණය කිරීම සඳහා වෙළෙඳ නාවික මහ ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල්ගේ සභාපතිත්වය යටතේ අදාළ ආයතනවල නියෝජිතයින්ගෙන් සමන්විත අධීක්ෂණ කමිටුවක් පත් කර ඇති බව.

* මේ වන විට අගතියට පත් සියලුම ධීවරයින්ට පළමු වන්දි මුදල් වාරිකය ගෙවා ඇති බව.

* කළුතර දිස්ත්‍රික්කයට අදාළව මසුන් ඇල්ලීමේ තහනම සම්පූර්ණයෙන් ඉවත් කර ඇති බව.

* සුන්බුන් ඉවත් කිරීමේ ක්‍රියාවලිය නිම වීමෙන් පසුව කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක දෙකෙහි ද එකී තහනම ඉවත් කරනු ඇති බව.

* ධීවර හා සමුද්‍ර පරිසර ආරක්ෂණ අධිකාරියේ හිමිකම්වල කොටසක් වශයෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 3.7ක් ශ්‍රී ලංකා රජයට බැර කර ඇති බව සහ ඉතිරි හිමිකම ලබා ගැනීම සඳහා පී ඇන්ඩ් අයි සමාගම සමඟ සාකච්ඡා පවත්වනු ලබන බව.

* මුහුදු ජීවීන්ගේ ජීව සාම්පල සහ අනෙකුත් සාම්පල විශ්ලේෂණය සඳහා විදේශීය පර්යේෂණාගාර වෙත යොමු කර ඇති බව.

* ඕස්ට්‍රේලියාවේ ස්පාර්ක් හෙල්මෝර් සමාගම විසින් පරිසර හානි හිමිකම් ඉල්ලීම් සම්බන්ධයෙන් නීති උපදෙස් සපයනු ලබන බව.