• Increase font size
  • Default font size
  • Decrease font size

2022-01-31 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
හරිත හයිඩ්‍රජන් නිෂ්පාදනය පිළිබඳ නියමු ව්‍යාපෘතිය
- වසර 2050 වන විට කාබන්හරණය කරා ළඟා වීමට රජය ප්‍රතිපත්තිමය තීරණයක් ගනු ලැබ ඇත. එම අරමුණ සපුරාගැනීම සඳහා බලශක්ති සැපයුම් ජාලයන් වෙනස් කරමින් ෆොසිල ඉන්ධනවල සිට පිවිතුරු බලශක්ති නිෂ්පාදනය සහ පරිභෝජනය වෙත ක්‍රමානුකූලව යොමු වීමේ අවශ්‍යතාව හඳුනාගෙන තිබේ. ඒ අනුව, විදුලිබල හා ප්‍රවාහන ක්ෂේත්‍රයන්හි මෙන්ම තාපය භාවිතයෙන් සිදු කරනු ලබන කර්මාන්තයන්හි වායු විමෝචනයන් අවම කිරීම සඳහා පියවර ගත යුතුව ඇත. එම තත්ත්වය යටතේ නෝර්වේහි Greenstat AS ආයතනයේ අනුබද්ධ ආයතනයක් වන Greenstat Hydrogen India (Pvt.) Ltd. විසින් පාවෙන සූර්ය සහ සුළං සංයෝගයක් භාවිත කරමින් හරිත හයිඩ්‍රජන් ජනනය කිරීමේ නියමු ව්‍යාපෘතියක් සම්බන්ධයෙන් ශක්‍යතා අධ්‍යයනයක් පැවැත්වීමට එකඟ වී තිබේ. ඒ අනුව, එකී ශක්‍යතා අධ්‍යයනය පැවැත්වීම සඳහා ශ්‍රී ලංකා ඛනිජතෙල් සංවර්ධන අධිකාරිය සහ Greenstat Hydrogen India (Pvt.) Ltd. අතර ගිවිසුමකට එළඹීම පිණිස බලශක්ති අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.