• Increase font size
  • Default font size
  • Decrease font size

2022-01-31 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
සාම්ප්‍රදායික හා ග්‍රාමීය කර්මාන්ත ප්‍රවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම
- වේවැල්, මැටි, පිත්තල, ලාක්ෂා, වෙස්මුහුණු, පොල්කටු, ස්වර්ණාභරණ, ගල්කැටයම්, හණ හා දුම්බර රටා වැනි පාරම්පරික ගෘහ කර්මාන්ත දියුණු කිරීම සඳහා ග්‍රාමීය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය වෙත 2022 අයවැය යෝජනා මඟින් රුපියල් මිලියන 1000ක් සහ අයවැය ඇස්තමේන්තු මඟින් රුපියල් මිලියන 150ක් වෙන් කර දී ඇත. ඒ අනුව, 2021 වර්ෂයේදී ආරම්භ කරන ලද, වේවැල්, පිත්තල, මැටි, ලී බඩු සහ ග්‍රාමීය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය යටතේ දැනට ක්‍රියාත්මක වෙමින් පවතින පහත සඳහන් ව්‍යාපෘතීන් එකී ප්‍රතිපාදන යොදා ගනිමින් 2022 වර්ෂය තුළදී ද ක්‍රියාත්මක කිරීම පිණිස කර්මාන්ත අමාත්‍යතුමා ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී:

* ග්‍රාමීය කර්මාන්ත සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය වගා කිරීමේ වැඩසටහන

* ජාතික අමුද්‍රව්‍ය බැංකුව ස්ථාපිත කිරිමේ ව්‍යාපෘතිය

* එක් ගමකට එක් ව්‍යවසායකයෙක් බිහි කිරීමේ ව්‍යාපෘතිය

* දැව නිෂ්පාදන ආශ්‍රිත මෝස්තර හා ක්‍රියාවලි නව්‍යකරණ මධ්‍යස්ථානය ස්ථාපිත කිරීමේ ව්‍යාපෘතිය

* ග්‍රාමීය කර්මාන්ත සඳහා දේශීය හා විදේශීය වෙළෙඳපොළ ප්‍රවර්ධන වැඩසටහන

* ග්‍රාමීය හා සාම්ප්‍රදායික කර්මාන්ත ගම්මාන ඒකාබද්ධ සංවර්ධන වැඩසටහන

* ජාතික ලෝකුරු කර්මාන්ත සංවර්ධන වැඩසටහන