• Increase font size
  • Default font size
  • Decrease font size

2022-01-24 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ආදායම් මත බදු සම්බන්ධයෙන් ද්විත්ව බදුකරණය වැළැක්වීම සහ බදු නොගෙවා මගහැරීම වැළැක්වීම සඳහා වන ගිවිසුම්වලට එළඹීම
- ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුව පහත සඳහන් එකඟතාවන්ට එළඹ ඇත.

(i) ද්විත්ව බදුකරණය මගහැරීම සහ ආදායම් බදු ගෙවීම පැහැර හැරීම වළකාලීම සඳහා ඉන්දීය ජනරජයේ ආණ්ඩුව සමඟ ඇති කර ගනු ලැබූ ගිවිසුම සඳහා වන සන්ධානයට අත්සන් තැබීම.

(ii) තුර්කි ජනරජයේ ආණ්ඩුව සමඟ ආදායම් මත වූ බදු සම්බන්ධයෙන් ද්විත්ව බදුකරණය වැළැක්වීම සහ බදු නොගෙවා මගහැරීම වැළැක්වීම සඳහා වූ ගිවිසුමට අත්සන් තැබීම.

(iii) චෙක් ජනරජයේ ආණ්ඩුව සමඟ ආදායම් මත වූ බදු සම්බන්ධයෙන් ද්විත්ව බදුකරණය වැළැක්වීම සහ බදු නොගෙවා මගහැරීම වැළැක්වීම සඳහා වූ ගිවිසුමට අත්සන් තැබීම.

ඒ අනුව, එකී ගිවිසුම්වලට අත්සන් තැබීමටත්, 2017 අංක 24 දරන දේශීය ආදායම් පනතේ විධිවිධාන පරිදි එකී ගිවිසුම් අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් මුදල් අමාත්‍යතුමා ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.