• Increase font size
  • Default font size
  • Decrease font size

2022-01-24 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
2007 අංක 54 දරන ඖෂධවලට ඇබ්බැහි තැනැත්තන් (ප්‍රතිකාර හා පුනරුත්ථාපනය) පිළිබඳ පනත සංශෝධනය කිරීම
මත්ද්‍රව්‍ය මත යැපෙන පුද්ගලයින්ට ප්‍රතිකාර කිරීම සඳහා සහ ඔවුන් පුනරුත්ථාපනය කිරීම සඳහා වන විධිවිධාන, 2007 අංක 54 දරන ඖෂධවලට ඇබ්බැහි තැනැත්තන් (ප්‍රතිකාර හා පුනරුත්ථාපනය) පිළිබඳ පනතේ ඇතුළත් වේ. එකී පනතේ පවතින විධිවිධාන, වර්තමාන අවශ්‍යතාවන්ට ප්‍රමාණවත් වන පරිදි සංශෝධනය කළ යුතු බවට හඳුනාගනු ලැබ ඇත. ඒ අනුව, පනත් කෙටුම්පතක් සකස් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීම පිණිස ආරක්ෂක අමාත්‍ය වශයෙන් අතිගරු ජනාධිපතිතුමා සහ අධිකරණ අමාත්‍යතුමා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.