• Increase font size
  • Default font size
  • Decrease font size

2022-01-24 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
දේශීයව නිපදවන ජීවානුහරිත ද්‍රව කුඩා පරිමා නික්ෂේපණ ද්‍රාවණ (Sterile Liquid Small Volume Parenterals - SLSVP Injectables) රාජ්‍ය අංශය සඳහා මිල දී ගැනීම
- ජීවානුහරිත ද්‍රව කුඩා පරිමා නික්ෂේපණ ද්‍රාවණ Sterile Liquid Small Volume Parenterals - SLSVP Injectables) මිල දී ගැනීම සඳහා ආසන්න වශයෙන් රජය වාර්ෂිකව රුපියල් මිලියන 3,000ක් පමණ (ඇමෙරිකානු ඩොලර් මිලියන 15ක් පමණ) වැය කරනු ලබයි. එම නික්ෂේපණ ද්‍රාවණ මිලියන 50ක් පමණ වාර්ෂිකව නිෂ්පාදනය කිරීමේ ධාරිතාවක් සහිත කර්මාන්තශාලාවක් පල්ලෙකැලේ ප්‍රදේශයේ ස්ථාපනය කිරීම සඳහා සීමාසහිත කෙලූන් ලයිෆ්සයන්සස් (පෞද්ගලික) සමාගම වෙත රජය විසින් අනුමැතිය ලබා දී ඇත. අදාළ ප්‍රමිතීන් සහිතව ජීවානුහරිත ද්‍රව කුඩා පරිමා නික්ෂේපණ ද්‍රාවණ ශ්‍රී ලංකාව තුළ නිපදවිය හැකි එකම සමාගම වන එකී සමාගම විසින් 2022 පෙබරවාරි මාසයේ සිට සිය නිෂ්පාදන සැපයීමට සූදානම්ව සිටී. ඒ අනුව, එකී නිෂ්පාදන රාජ්‍ය අංශයේ අවශ්‍යතාව සඳහා සපයා ගැනීමට හැකි වන පරිදි එම සමාගම සහ රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව අතර ගිවිසුමකට එළඹීම පිණිස සෞඛ්‍ය අමාත්‍යතුමා ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදි.