• Increase font size
  • Default font size
  • Decrease font size

2022-01-24 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
සෞඛ්‍ය සේවාවේ ගුණාත්මකභාවය හා සුරක්ෂිතතාව පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය
- දැනට ක්‍රියාත්මක වන "ගුණාත්මක සෞඛ්‍ය සත්කාරය සහ රෝගීන්ගේ ආරක්ෂාව පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය" සඳහා 2015 මැයි මස 27 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇත. 2019 වර්ෂයේ පැවති 72 වන ලෝක සෞඛ්‍ය සමුළුවේදී සම්මත කරන ලද "රෝගීන්ගේ සුරක්ෂිතතාවය පිළිබඳ ගෝලීය ක්‍රියාමාර්ගය" පිළිබඳව වන යෝජනාව මත පදනම්ව එකී ප්‍රතිපත්තිය සංශෝධනය කිරීමට කටයුතු කර තිබේ. ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා පද්ධතියේ ගුණාත්මකභාවය සහ සුරක්ෂිතතාව සහතික කෙරෙන එකී සංශෝධිත ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම පිණිස සෞඛ්‍ය අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.