• Increase font size
  • Default font size
  • Decrease font size

2022-01-24 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
වතු අංශය තුළ පවතින සෞඛ්‍ය ආයතන පළාත් සෞඛ්‍ය බලධාරින් වෙත පවරා දීම
- වතු ප්‍රජාව වෙත වඩාත් ඵලදායී සෞඛ්‍ය සේවාවක් සැපයීමේ අරමුණින් වතු අංශය තුළ පවතින සෞඛ්‍ය ආයතන, පළාත් බලධාරින් වෙත පවරා දීම යෝග්‍ය බවට හඳුනා ගනු ලැබ ඇත. ඒ අනුව, ඒ සම්බන්ධයෙන් අනුගමනය කළ යුතු ක්‍රමවේද පිළිබඳව නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්ගේ ප්‍රධානත්වයෙන්, අදාළ අනෙකුත් ආයතනවල නියෝජිතයින්ගෙන් සමන්විත නිලධාරි කමිටුවක් පත් කර ති‍බේ. එම නිලධාරි කමිටුව විසින් ඉදිරිපත් කරන ලද නිර්දේශ අනුව, වතු අංශයේ පවතින සෞඛ්‍ය ආයතන 450ක් අතුරින් පළමු අදියර යටතේ සෞඛ්‍ය ආයතන 59ක් පළාත් සෞඛ්‍ය බලධාරින් වෙත පවරා ගැනීම පිණිස සෞඛ්‍ය අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.