• Increase font size
  • Default font size
  • Decrease font size

2022-01-24 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
'ඔබට ගෙයක් - රටට හෙටක්' නිවාස වැඩසටහනේ ආධාර මුදල වැඩිකිරීම
- තාවකාලික නිවාසවල පදිංචි අඩු ආදායම්ලාභී පවුල් සඳහා ක්‍රියාත්මක කරන මෙම ව්‍යාපෘතිය යටතේ තෝරාගත් ප්‍රතිලාභී පවුලකට රුපියල් 600,000ක උපරිමයකට යටත්ව, ආධාර මුදලක් නිවාස ඉදිකිරීමේ ප්‍රගතිය මත ලබා දෙනු ලබයි. මෙම ව්‍යාපෘතිය 2020 වර්ෂයේදී ආරම්භ කිරීමෙන් අනතුරුව, ඉදි කිරීම් ද්‍රව්‍යවල මිල විශාල වශයෙන් ඉහළ ගොස් ඇති අතර ඒ හේතුවෙන් රුපියල් 600,000ක ආධාර මුදලින් අපේක්ෂිත පරිදි පදිංචියට සුදුසු අංගසම්පූර්ණ නිවසක් ඉදි කිරීමට අපහසුවී තිබේ. එබැවින්, 2022 වර්ෂයේ සිට තෝරාගනු ලබන ප්‍රතිලාභී පවුල් සඳහා එම වැඩසටහන යටතේ ගෙවනු ලබන ආධාර මුදල රුපියල් 650,000 දක්වා ඉහළ නැංවීම පිණිස නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය වශයෙන් ගරු අග්‍රාමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ එකඟතාව ලබා දීමට තීරණය කරන ලදී.