• Increase font size
  • Default font size
  • Decrease font size

2022-01-24 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
අකුරැස්ස නව බස් නැවතුම්පොළ ඉදිකිරීම
- 2012 වර්ෂයේදී අකුරැස්ස නගර සංවර්ධන ව්‍යාපෘතිය ආරම්භ කර ඇති අතර, එම ව්‍යාපෘතියේ පළමු අදියර වශයෙන් අක්කර 4.5ක් සංවර්ධනය කර ප්‍රධාන බස් නැවතුම්පොළ ඉදිකිරීම සහ වාණිජ සංවර්ධනය සඳහා අවශ්‍ය මූලික කටයුතු සිදු කර ඇත. එම ව්‍යාපෘතියේ දෙවන අදියර වශයෙ‍න් අක්කර 1.75ක පර්යන්ත 20කින් සහ අනෙකුත් පහසුකම්වලින් යුත් ප්‍රධාන බස්නැවතුම්පොළ ඉදිකිරීම සඳහා අනුමැතිය ලැබී තිබේ. ව්‍යාපෘතියේ අවසාන වාස්තු විද්‍යාත්මක හා ඉංජිනේරුමය සැලසුම්වලට අනුව රුපියල් මිලියන 474ක ඇස්තමේන්තුගත පිරිවැයක් යටතේ 2022 සහ 2023 කාලසීමාව තුළ එකී ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම පිණිස නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය වශයෙන් ගරු අග්‍රාමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.