• Increase font size
  • Default font size
  • Decrease font size

2022-01-18 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
1934 අංක 19 දරන සේවක වන්දි ආඥාපනත (139 වන අධිකාරය) සංශෝධනය කිරීම
- සේවයේ යෙදී සිටියදී සිදු වන හදිසි අනතුරු හේතුවෙන් අගතියට පත් වන සේවකයින්ට ගෙවනු ලබන ප්‍රතිලාභ වර්තමාන අවශ්‍යතාවන්ට ගැළපෙන අයුරින් යාවත්කාලීන කිරීම පිණිස 1934 අංක 19 දරන සේවක වන්දි ආඥාපනත (139 වන අධිකාරය) සංශෝධනය කිරීම සඳහා පනත් කෙටුම්පතක් සකස් කිරීම පිණිස අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා දී ඇත. ඒ අනුව, නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කරනු ලැබ ඇති පනත් කෙටුම්පත සඳහා නීතිපතිගේ නිෂ්කාශනය ලැබී ඇති අතර අදාළ පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත් ඉන් අනතුරුව, එකී පනත් කෙටුම්පත අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් කම්කරු අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.