• Increase font size
  • Default font size
  • Decrease font size

2022-01-18 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
හංගේරියානු රජය සහ ශ්‍රී ලංකා රජය අතර මූල්‍ය සහයෝගිතාව සඳහා ඇති කර ගනු ලැබ ඇති ගිවිසුම් රාමුව යටතේ නව ගුවන් පාලම් 04ක් ඉදි කිරීම
- මෙරට යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා හංගේරියාවේ එක්සිම් බැංකුව හරහා සහන මූල්‍ය පහසුකම් සැපයීමට ශ්‍රී ලංකාව හා හංගේරියාව අතර මූල්‍ය සහයෝගිතා ගිවිසුමකට එළඹ ඇත. ඒ යටතේ කොහුවල සහ ගැටඹේ ගුවන් පාලම් ඉදි කිරීමේ ව්‍යාපෘතීන් මේ වන විට ක්‍රියාත්මක වෙමින් පවතී. එකී ව්‍යාපෘතීන්ට අමතරව ජාතික මාර්ග ජාලයේ මුත්තෙට්ටුගල දුම්රිය හරස් මාර්ගය සහ හිරිපිටිය හන්දිය, පස්යාල මංසන්ධිය, මීගමුව මාරිස්ටෙලා මංසන්ධිය සහ තලවතුගොඩ මංසන්ධිය යන ස්ථානවල පවතින වාහන තදබදය සඳහා විසඳුම් ලබා දීම පිණිස ව්‍යාපෘතීන් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව මාර්ග සංවර්ධන අධිකාරිය විසින් හඳුනාගනු ලැබ ඇත. ඒ අනුව, එකී ස්ථානවල ගුවන් පාලම් 04ක් ඉදි කිරීම පිණිස මහාමාර්ග අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.