• Increase font size
  • Default font size
  • Decrease font size

2022-01-18 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
කුඩා තේ හා රබර් වතු පුනර්ජීවන ව්‍යාපෘතිය යටතේ ක්‍රියාත්මක මූල්‍ය වැඩසටහනෙහි කාලය දීර්ඝ කිරීම
- කෘෂිකර්ම සංවර්ධනය සඳහා වන ජාත්‍යන්තර අරමුදලේ මූල්‍යාධාර මත ක්‍රියාත්මක වන කුඩා තේ හා රබර් වතු පුනර්ජීවන ව්‍යාපෘතිය යටතේ ඉලක්කගත ප්‍රතිලාභීන්ගේ ආදායම් උත්පාදනය හා වෙළෙඳපොළ විවිධාංගීකරණ කටයුතු සඳහා ග්‍රාමීය මූල්‍ය වැඩසටහනක් 2019-2021 කාලය තුළ ක්‍රියාත්මක කර තිබේ. කොවිඩ් - 19 වසංගත තත්ත්වය හේතුවෙන් ව්‍යාපෘතියෙන් අපේක්ෂිත ඉලක්ක ඉටු කර ගැනීමට නොහැකි වී ඇති බැවින් එකී ණය වැඩසටහනෙහි කාලසීමාව 2022 දෙසැම්බර් මස 31 දින දක්වා දීර්ඝ කිරීම පිණිස වැවිලි අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.