• Increase font size
  • Default font size
  • Decrease font size

2022-01-18 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව පිහිටි ඉඩමේ නීත්‍යානුකූල අයිතිය එම සංස්ථාව වෙත ලබා ගැනීම
- කොළඹ 07, ටොරින්ටන් චතුරශ්‍රයේ පිහිටි හෙක්ටයාර 3.37ක පමණ භූමි භාගයක ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව පවත්වාගෙන යන අතර, එම භූමිය සඳහා වන නීත්‍යානුකූල අයිතිය මෙතෙක් එම සංස්ථාව වෙත පවරා දී නොමැත. එකී ඉඩම ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව වෙත පවරා දීමට නාගරික සංවර්ධන අධිකාරිය ඇතුළු අනෙකුත් සියලුම පාර්ශ්වයන් විසින් එකඟතාව පළ කර තිබේ. ඒ අනුව, අදාළ ඉඩම නිදහස් දීමනාපත්‍රයක් මඟින් ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව වෙත පවරා දීම පිණිස ජනමාධ්‍ය අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.