• Increase font size
  • Default font size
  • Decrease font size

2022-01-18 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
රුහුණ විශ්වවිද්‍යාලය සහ එංගලන්තයේ නොර්තුම්බ්‍රියා විශ්වවිද්‍යාලය (The Northumbria University, England) අතර අධ්‍යාපන සහයෝගිතාව ශක්තිමත් කිරීම සඳහා වූ අවබෝධතා ගිවිසුමකට එළඹීම
- රුහුණ විශ්වවිද්‍යාලය සහ එංගලන්තයේ නොර්තුම්බ්‍රියා විශ්වවිද්‍යාලය අතර අධ්‍යාපන සහයෝගිතාව ශක්තිමත් කිරීම සඳහා අවබෝධතා ගිවිසුමකට එළඹීමට යෝජනා වී ඇත. විශේෂඥ අදහස් හුවමාරු කර ගැනීම, තෝරාගත් විෂය ධාරාවන් සම්බන්ධයෙන් සහයෝගය ලබා ගැනීම සහ රුහුණ විශ්වවිද්‍යාලයෙන් සුදුසුකම් ලත් සිසුන්ට නොර්තුම්බ්‍රියා විශ්වවිද්‍යාලයේ වැඩසටහන් සඳහා පූර්ව ප්‍රවේශය ලබා දීම යන ක්ෂේත්‍රයන් මෙම අවබෝධතා ගිවිසුමෙන් ආවරණය වනු ඇත. ඒ අනුව, එකී අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීම පිණිස අධ්‍යාපන අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.