• Increase font size
  • Default font size
  • Decrease font size

2022-01-18 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
කොළඹ 02, කොම්පඤ්ඤවීදිය, "මෙට්‍රෝ හෝම්ස් රෙසිඩන්සීස් " නිවාස ව්‍යාපෘතියේ නිවාස ඒකක සින්නක්කර පදනම මත විකිණීම
- නාගරික සංවර්ධන අධිකාරිය විසින් ක්‍රියාත්මක කරන ලද කොම්පඤ්ඤවීදිය ප්‍රතිසංවර්ධන ව්‍යාපෘතියේ පළමු අදියර යටතේ හඳුනාගත් ඉඩම් කොටසේ මුල් පදිංචිකරුවන් සඳහා නේවාසික සහ වාණිජ ඒකක ඉදිකිරීම් මේ වන විට අවසන් කර ඇත. ඒ යටතේ කුළුණු 03කින් සමන්විත නේවාසික ඒකක 626ක් සහ වාණිජ ඒකක 115ක් සහිත ගොඩනැඟිලි සංකීර්ණයක් ඉදි කර ඇති අතර එය "මෙට්‍රෝ හෝම්ස් රෙසිඩන්සීස්" යනුවෙන් නම් කර තිබේ. මුල් පදිංචිකරුවන් අදාළ නිවාස ඒකකවල පදිංචි කිරීමෙන් අනතුරුව ඉතිරි නිවාස ඒකක 78ක් රජයේ ප්‍රධාන තක්සේරුකරුගේ තක්සේරුව මත පදනම්ව වර්තමාන වෙළෙඳපොළ වටිනාකමට ප්‍රමුඛතා පදනම මත විකිණීම සඳහා නාගරික සංවර්ධන අධිකාරියේ කළමනාකරණ මණ්ඩලයේ අනුමැතිය ලැබී ඇත. ඒ අනුව, තෝරාගත් අයදුම්කරුවන් අතුරින් නියමිත වටිනාකම ගෙවා ඇති ගැනුම්කරුවන්ට සින්නක්කර ඔප්පු ලබා දීම පිණිස නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය වශයෙන් ගරු අග්‍රාමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.