• Increase font size
  • Default font size
  • Decrease font size

2022-01-18 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
වවුනියාව දිස්ත්‍රික්කයේ පිහිටි සෝලයිකාඩු නැමැති රජයේ ඉඩම රාජ්‍ය සේවක නිවාස ව්‍යාපෘතියක් සඳහා ජාතික නිවාස සංවර්ධන අධිකාරිය වෙත පවරා දීම
- වවුනියාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ඕමන්ත ග්‍රාම නිලධාරි වසමේ හෙක්ටයාර 92.92කින් (අක්කර 234 රූඩ් 02 පර්චස් 10) සමන්විත ඉඩමේ රාජ්‍ය සේවක නිවාස ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කර ඇත. එම ව්‍යාපෘතිය යටතේ අදාළ ඉඩමේ ඉඩම් කැබැලි 711ක් ප්‍රාදේශීය ලේකම්ගේ නිර්දේශය මත හඳුනාගත් ප්‍රතිලාභීන් වෙත ලබා දී ඇති අතර ඒ අතුරින් පවුල් 215ක් සඳහා ජාතික නිවාස සංවර්ධන අධිකාරිය විසින් නිවාස ඉදි කිරීම සඳහා රුපියල් 500,000/- බැගින් ණය මුදල් ලබා දී තිබේ. ව්‍යාපෘතිය ක්‍රියාත්මක කර මේ වන විට වසර 09ක් පමණ ගත වී ඇතත් අදාළ ප්‍රතිලාභීන් වෙත මෙතෙක් එකී ඉඩම් කොටස් සඳහා ඔප්පු ලබා දී නොමැත. එබැවින්, එම ප්‍රතිලාභීන්ට සින්නක්කර ඔප්පු ලබා දීමට හැකි වන පරිදි එකී ඉඩම ජාතික නිවාස සංවර්ධන අධිකාරිය වෙත පවරා දීම පිණිස නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය වශයෙන් ගරු අග්‍රාමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.