• Increase font size
  • Default font size
  • Decrease font size

2022-01-18 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව සතු කැලණිය, මුදුන් ඇල පිහිටි ඉඩම් කොටසක් විදුලි උපපොළක් ඉදිකිරීම සඳහා ලංකා විදුලිබල මණ්ඩලය වෙත පැවරීම
- කැලණිය හා පෑලියගොඩ ප්‍රදේශයේ විදුලි සම්ප්‍රේෂණ පද්ධතිය ශක්තිමත් කිරීම සඳහා නව උපපොළක් ඉදි කිරීම පිණිස කැලණිය ප්‍රදේශයෙන් ඉඩම් කොටසක් ලබා දෙන ලෙස ලංකා විදුලිබල මණ්ඩලය සහ ලංකා විදුලි පෞද්ගලික සමාගම විසින් නාගරික සංවර්ධන අධිකා‍රිය වෙතින් ඉල්ලීමක් කර ඇත. ඒ අනුව, ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව විසින් මුදුන් ඇළ සංවර්ධන ව්‍යාපෘතිය සඳහා අත් කරගත් ඉඩමෙන් රූඩ් 02 පර්චස් 26.5ක ඉඩම් කොටසක් රජයේ ප්‍රධාන තක්සේරුකරුගේ තක්සේරුව මත ලංකා විදුලිබල මණ්ඩලයට පැවරීම පිණිස නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය වශයෙන් ගරු අග්‍රාමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.