• Increase font size
  • Default font size
  • Decrease font size

2022-01-18 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
නාගරික සංවර්ධන අධිකාරියට අයත් ජා-ඇල, ඒකල පිහිටි ඉඩම සැපයුම් පහසුකම් සහ ඒ ආශ්‍රිත සංවර්ධන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම සඳහා දීර්ඝකාලීන බදු පදනම මත ලබා දීම
- සැලසුම් කිරීම, ඉදි කිරීම, මූල්‍යනය, අයිතිය, මෙහෙයවීම හා පැවරීම යන පදනම යටතේ නාගරික සංවර්ධන අධිකාරියට අයත් ජා-ඇල, ඒකල පිහිටි අක්කර 36 රූඩ් 01 පර්චස් 27.6 ක ඉඩමක් සැපයුම් පහසුකම් සහ ඒ ආශ්‍රිත සංවර්ධන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම සඳහා තරගකාරී පදනම මත පුද්ගලික අංශයේ ආයෝජකයින් වෙතින් යෝජනා කැඳවා ඇත. ඒ අනුව ඉදිරිපත් වී ඇති තාක්ෂණික හා මූල්‍ය යෝජනා ඇගයීමෙන් අනතුරුව තෝරාගෙන ඇති ඇක්සස් ලොජිස්ටික්ස් පාර්ක් ඒකල (පෞද්ගලික) සමාගම වෙත අදාළ ඉඩම රජයේ ප්‍රධාන තක්සේරුකරුගේ තක්සේරුව පරිදි දීර්ඝකාලීන බදු පදනම මත ලබා දීම පිණිස නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය වශයෙන් ගරු අග්‍රාමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.