• Increase font size
  • Default font size
  • Decrease font size

2022-01-10 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
වී වගාව සඳහා දේශීය කාබනික පොහොර මිල දී ගැනීම
- කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් විසින් වී වගාව සඳහා සකස් කරනු ලබන පරිසර හිතකාමී පොහොර නිර්දේශයන් සැලකිල්ලට ගෙන, 2022 යල කන්නය සඳහා ගොවීන් වෙත දේශීය කාබනික පොහොර සැපයීම පිණිස පොහොර ප්‍රසම්පාදන ක්‍රියාවලිය ඇරඹීමටත්, 2022 වර්ෂය සඳහා පොහොර සහනාධාර වැඩසටහන යටතේ වෙන් කර ඇති ප්‍රතිපාදන භාවිත කර, දේශීය නිෂ්පාදකයන් විසින් නියමිත ප්‍රමිතියට අනුකූලව 2022 යල කන්නය සඳහා සපයනු ලබන පරිසර හිතකාමී දේශීය පොහොර, රජයේ පොහොර සමාගම් දෙක මඟින් මිල දී ගැනීමටත් කෘෂිකර්ම අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.