• Increase font size
  • Default font size
  • Decrease font size

2022-01-10 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
හපුතලේ පොලිස් ස්ථානය පිහිටි ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් ඉඩම් කොටස ශ්‍රී ලංකා පොලීසිය වෙත පවරා ගැනීම
- හපුතලේ පොලිස් ස්ථානය 1928 වර්ෂයේ සිට දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් අක්කර 01 රූඩ් 01 පර්චස් 9.8ක් වන දුම්රිය රක්ෂිතයක පිහිටි ඉඩමක ස්ථාපිත කර ඇත. එකී පොලිස් ස්ථානය පිහිටි ඉඩම, මෙතෙක් ශ්‍රී ලංකා පොලීසිය වෙත විධිමත්ව පවරා දී නොමැති බැවින් පොලීසිය සඳහා අවශ්‍ය නව ගොඩනැඟිලි ඉදි කිරීමට හෝ මුදල් වැය කර අලුත්වැඩියා කිරීමට නොහැකි වී තිබේ. එබැවින්, එකී ඉඩම් කොටස ශ්‍රී ලංකා පොලීසිය වෙත පවරා ගැනීම පිණිස මහජන ආරක්ෂක අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.